අපි ඉල්ලන DAT …!

මේ මොහොතේ සෞඛ්‍ය සේවාවේ එක් කණ්ඩායමකට හිමිකම් තිබෙන DAT දීමනාව (Disturbance; Availability and Transport) හෙද නිලධාරින් ඇතුලු අනිකුත් කණ්ඩායම් ඉල්ලා සිටීම නැමති කාරණාව හරහා ජන මාධ්‍ය හා විවිධ සංවිධානවල, විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ මගින් සෞඛ්‍ය සේවාවේ කණ්ඩායම් අතර බරපතල බෙදීම් හා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

අතීතයේදීද Intra Venous Injections අර්බුදය (“IV සටන”), නිල ඇඳුම් අර්බුදය ආදී ගැටලු හරහා එවන් බරපතල බෙදීම් සෞඛ්‍ය කණ්ඩායම් අතර ඇතිවූ අතර එයින් සෞඛ්‍ය සේවකයන්ටවත්, රෝගීන්ටවත්, සෞඛ්‍ය පද්ධතියටවත්, රටටවත් කිසිදු සෙතක් සිදු නොවූ බවද, කණ්ඩායම් අතර ඇතිවූ බෙදීම් දශක ගනනාවක් ඇදී යමින් සේවා තෘප්තිය අඩුවීමක් පමණක් සිදුවූ බවද සිහිපත් කරමි…!

එසේම හෙද නිලධාරින් සඳහා අලුතින්ම DAT දීමනාවක් දිනා ගැනීමටද දැනට අවශ්‍යතාවයක් නොමැති බව සිහිපත් කරන අතර

2015 වසරේදීම එවන් දීමනාවක් අලුතින්ම දිනාගැනීමේ සංකීර්ණ කාරණාව ඉටුකරගැනීමට වෘත්තීය සමිති අරගල මගින් හැකියාව ලැබුන බවද සිහිපත් කරමි.

ඒ අනුව මේ වන විටත් හෙද හා අතුරුවෛද්‍ය සේවාවට හිමි *”විශේෂ රාජකාරි දීමනාව”* නැමති සුවිශේෂි දීමනාවක් ඇති බවද සිහිපත් කරන අතර

ඒ සම්බන්ධයෙන් අදාල චක්‍රලේඛය පහත පල කරමි. ඒ අනුව අපට තවත් කණ්ඩායමකට පමණක් හිමි බව සඳහන් DAT දීමනාව අවශ්‍ය නොවන අතර (එනම් ඒ ඹස්සේ හෙද සේවාවට සිදුවන බරපතල සමච්චල් කිරීම් අවශ්‍ය නොවන අතර) අපට අවශ්‍ය වන්නේ 2015 වස⁣රේ සිට අපට නීත්‍යානුකූලව හිමිකම් ඇති *”විශේෂ ⁣රාජකාරි දීමනාව”* වැඩි කර ගැනීම පමණක් බවද සඳහන් කරමි.

එවිට එය වෙනත් කණ්ඩායමකට අයත් දීමනාවක් අපට ඉල්ලීමක් නොවන අතර අපට හිමි දීමනාව සම්බන්ධ කාරණයක් පමණක් වනු ඇත.

කෙසේවෙතත් එම “විශේෂ රාජකාරි දීමනාව” රු. 3000 ක තරම් අවම මට්ටමක පවතින දීමනාවක් වන බැවින් DAT දීමනා වැඩි කල ආකාරයට හෙද අතුරු වෛද්‍ය කණ්ඩායමටද ආර්ථික සාධාරණයක් ඉටුවන ආකාරයට එම දීමනාවේද අනුපාතිකව සැලකිය යුතු වැඩි කිරීමක් අනිවාර්යයෙන් සිදුකල යුතුව ඇත…!

– නලින් හේරත්

See insights and ads

Boost post

All reactions:

33

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart