• Home
  • ABOUT
  • Forums
  • Events
  • Blog
  • Gallery
  • Contact
Have any question?
(+94) 11 269 3662
info@gnoa.lk
RegisterLogin
Goverment Nursing officers association -No1# professional nursing association in sri lankaGoverment Nursing officers association -No1# professional nursing association in sri lanka
    • Home
    • ABOUT
    • Forums
    • Events
    • Blog
    • Gallery
    • Contact

    News

    • Home
    • Blog
    • News
    • Nurses are helpless on the road with curfew – ඇඳිරිනීතිය සමගින් හෙද හෙදියෝ මහ පාරේ අසරණ වෙති

    Nurses are helpless on the road with curfew – ඇඳිරිනීතිය සමගින් හෙද හෙදියෝ මහ පාරේ අසරණ වෙති

    • Posted by admin
    • Categories News, Uncategorized
    • Comments 0 comment

    සුව සේවා විරුවන් ලෙස රූපවාහිනී තිර මත ඇගයෙන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය  අද උදෑසන අතිශය අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන්හ. ඇඳිරිනීතිය   ක්‍රියාත්මක වූ අද (17 )   පෙරවරුවේ කෑගල්ලේ සිට මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රමාණවත් බස් රථ සපයා නොතිබුණු අතර ආසන 50ක්සහිත ලංගම බස් රථයක කාර්ය මණ්ඩල සාමාජිකයන් 97 දෙනකුට ගමන් කිරීමට සිදුව ඇත.  මගී ප්‍රවාහන බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස් නොපිළිගනිමින් කෑගල්ල සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් තම දැඩි විරෝධය දක්වා මේ පිළිබඳව පැමිණිලි කිරීමට බස් රථය පේරාදෙණිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

    වෛද්‍යවරු, හෙද නිලධාරීන් රසායනාගාර ශිල්පීන් ඇතුළු සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම බස් රථයේ ගමන් කොට තිබේ. ඔවුන්  පේරාදෙණිය පොලීසියට බස් රථය යොමු කිරීමෙන් පසු මගීන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙලෙස බස් රථවල ගමන් කිරීමෙන් තම ජීවිත දැඩි අවදානමකට ලක්වන බවයි.

    මගීන් 30 දෙනෙකු පමණ සිටියදී කෑගල්ලෙන් ගමන් ආරම්භ කළ බස් රථයට අතර මඟදී විශාල වශයෙන් මගීන් ගොඩවී ඇත. පිළිමතලාවට පැමිණෙන විට එහි 97 දෙනෙකු සිටි බව මගීහු පවසති.

    මේ සම්බන්ධ ව මහනුවර හා පේරාදෙණිය රෝහල්වල අධ්‍යක්ෂවරුන් හා ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගත්බව පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතා පවසයි.

    මේ අතර මහනුවර ජාතික රෝහලේ අද සවස් වරුවේද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සේවය නිම වී ආපසු යාමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොතිබීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වූ බව මහනුවර ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය.

    Source – lankasara

    සංගමයේ මැදිහත්වීම

    Tag:lack, Nurses, Srilanka

    • Share:
    author avatar
    admin

    Previous post

    GNOA - International Nurses Day Celebration - ජාත්‍යන්තර හෙද දින සමරුව කන්දඋඩරට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී
    May 17, 2020

    Next post

    හෙද උසස්වීම් සඳහා බලපාන අන්තර්කාල විධිවිධාන දීර්ඝ කිරීමේ ප්‍රමාදයන් නිවරදි කිරීම සඳහා සංගමය මැදිහත් වෙයි .
    May 17, 2020

    You may also like

    army nursing
    protest to the recruitment of Army Nurses on low qualifications
    7 April, 2021
    50664149843_ccd0337d24
    C- 190
    23 March, 2021
    bg
    Gnoa Annual Sports And Music Fest 2021
    23 March, 2021

    Leave A Reply Cancel reply

    Your email address will not be published. Required fields are marked *

    Advertistment

    Search

    Latest Posts

    Nursing Staff protest – kandy
    15Jul2020
    පෝස්ටර් චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් කරාපිටිය ශික්ෂන රෝහලේ S.V.G.N.ප්‍රියදර්ශනී සොයුරියට ත්‍යාග
    17Jun2020
    ෆ්ලොරන්ස්‌ නයිටිංගේල් සහ ලෝක හෙද දිනය
    11May2020
    Government Nursing Officers Association assists to Provide equipment for Kandy General Hospital
    17Apr2020
    Donation to Homagama Hospital
    02Apr2020
    covid lanka gnoa
    Sri Lanka’s covid19 epidemic has reached an even greater and alarming level
    25Apr2020

    (+94) 112693662

    info@gnoa.lk


    Organization

    • Blog
    • Contact

    Links

    • Courses
    • Events
    • FAQs

    Support

    • Download
    • Forums
    • Piyawara

    Recommend

    • Publications
    • Circulers
    • Past Actions

    Powered by Gnoa Media Unit All Rights Received.

    • Privacy
    • Terms
    • Sitemap
    • Purchase
    Download App (Beta)
    No apps configured. Please contact your administrator.

    Login with your site account

    No apps configured. Please contact your administrator.

    Lost your password?

    Not a member yet? Register now

    Register a new account

    Are you a member? Login now